Namo Buddhaya!
Of all the services an individual performs in their lives, the greatest are those done for the Supreme Buddha or to a disciple of the Supreme Buddha.
Mahamevnawa Buddhist Meditation Centre Melbourne West was established in 2019 with the sole aim of spreading the teachings of the Supreme Gauthama Buddha. It currently conducts monthly Sil programs, Children’s and Youth Programs, monthly Dhamma programs at a number of external venues, programs commemorating Vesak, programs during and at the end of the rainy retreat (Vassana) period, weekly Dhamma sermons, monthly meditation programs at the monastery, specially arranged Dhamma sermons and chanting of suttas blessing the devotees at their homes thereby carrying out a significant religious service on behalf of the community in Melbourne West.
The options are outlined below:
Any date can be selected to make the donation/s, with the provision that your date has not been taken by another donor. After the date has been selected, the monastery will email you a letter acknowledging the donation and share merits with you. By subscribing to the yearly donations, you too can become a stakeholder in the development of the monastery and reap immense merits to your life.
මේ ලෝකයේ උපස්ථාන කිරීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට හෝ බුදු රජාණන් වහන්ස්ගේ ශ්රාවකයෙකුට සිදු කරන උපස්ථානයයි. ඒ බව අපගේ බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් අනුත්තරීය සුත්‍ර දේශනයේ දී මෙසේ දේශනා කොට වදාළා.
“පින්වත් මහණෙනි, යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිසත්, ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිසත්, දුක් දොම්නස් නැති වීම පිණිසත්, ධර්ම මාර්ගයට පැමිණීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිසත් හේතු වෙයි. මහණෙනි, යම් මේ පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. මෙය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨම දෙය යැයි කියනු ලැබේ.”
(භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ – අනුත්තරීය සුත්‍රය – අ.නි. 04)
ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් පිහිට සළසාලීමේ අරමුණින් 2019 වසරේ දී මෙල්බර්න් වෙස්ට් මහමෙව්නා භාවනා අසපුව ආරම්භ කරන ලදී. මේ වන විට එමඟින් මාසික සීල භාවනා වැඩසටහන්, ළමා වැඩසටහන්, යොවුන් වැඩසටහන්, මාසිකව සිදු කරන දුර පළාත්වල වැඩසටහන්, වෙසක් වැඩසටහන් මාලාවන්, වස්සාන වැඩසටහන් මාලාවන්, අසපුවේ සිදු කරන ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන්, නිවෙස් වල සිදු කරන ධර්ම දේශනා සහ සෙත් පිරිත් සජ්ඣායනා කිරීම් ආදී නොයෙකුත් වැඩසටහන් සිදු කරමින් සුවිශේෂී ශාසනික මෙහෙවරක් සිදු කරනු ලබයි.
වාර්ෂික දායකත්වයට සම්බන්ධ විය හැකි ආකාර,
තමන් ලබා ගන්නා දායකත්වයන් වෙනුවෙන් වර්ෂයේ කැමති දිනයන් වෙන් කර ගත හැක. එම දිනයට දායකත්වය සම්පූර්ණ වී ඇත් නම් පින්වත් භාණ්ඩාගාරික මහතා ඔබට ඇමතුමක් දී වෙනත් දිනයක් ලබා ගැනීම පිළිබඳව විමසනු ඇති. එම දායකත්ව දිනයේදී අසපුවේ පැවැත්වෙන බුද්ධ වන්දනාවේ දී ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනු ලබයි.
මීට අමතරව Cheque මඟින් හෝ PayPal මඟින් ගෙවීම් සිදු කළ හැක.
රැස් වන සියළු පුණ්‍යානුභාව බලයෙන් සියළු දෙනාට ම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා.උතුම් ධර්මාවබෝධය පිණිස ම සියළු පින් උපකාර වේවා!